Thursday, September 19, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්




නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වහා අත්අඩංගුවට ගන්නැයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලීමක් කරනවා.

එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේ අමාත්‍යවරයා පාසල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේදීද පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද පොලිස්පතිවරයා විමර්ශනයක් සිදුකළ යුතු බවයි මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේ.