Friday, May 10, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පළා යයි

දිල්ශාන් තුෂාර




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනාවකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොලිසියට ද දැනුම් දීමක් සිදු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

අදාළ පහරදීම සිදුව ඇත්තේ බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදීයි. සැකකාර මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඔහුගේ නිවස සහ කාර්යාලය ද ඊයේ (12) සෝදිසි කළා.