Friday, May 10, 2024

General line - 0115112241

ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික වෙයි

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකාවට ආනයනය කරන කිරිපිටි ආරක්‍ෂිත හා නියමිත ප‍්‍රමිතියෙන් යුක්ත බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික වනවා.

එහි ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ජේ කේ ජයසිංහ පැවසුවේ සියළු කිරිපිටි වර්ග ශී‍්‍ර ලංකාවට ආනයනය කෙරෙන්නේ විධිමත් පරීක්‍ෂාවන්ට යටත්ව බවයි.

අහිතකර කිසිවක් ආනයනික කිරිපිටිවල අඩංගු ඇතැයි මෙම පරීක්‍ෂණවලින් හෙළිවී නැතැයිද ඔහු පැවසුවා.

ආනයනය කිරීමට පෙර නිෂ්පාදිත රටේදීද සියළු කිරිපිටි පරීක්‍ෂා කිරීම්වලට ලක් කෙරෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. කිරිපිටිවල ප‍්‍රමිතිය එමගින්ද තහවුරු කෙරෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය පිළිබද සැක පළ කරමින් ඉකුත් දිනවල විවිධ අදහස් පළ වුණා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පැවසුවේ මෙම කිරිපිිටිවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීමට පුළුල් වැඩපිළිවෙලක්ද අවශ්‍ය බවයි. ඊට ප‍්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහත කරුණු දැක්වුවා.