Saturday, September 21, 2024

General line - 0115112241

ලසන්ත හිටපු පොලිස්පතිවරයෙකුත් CID කැඳවයි




හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරන ලද කැඳවීමකට අනුවයි.

ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයා පසුගියදා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළා.

එහිදී ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා විසින් ඔහු හඳුනාගනු ලැබුවා.