Saturday, September 21, 2024

General line - 0115112241

TNA හිටපු මන්ත්‍රී රිමාන්ඩ් (UPDATE)




කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන පී.එච්. පියසේන ලබන මස 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයක් අනුවයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කළ බවට හිටපු මන්ත‍්‍රීවරයා චෝදනා ලබා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටියදී කරන ලද ඉල්ලීමකට අනුව 2015 වසරේ පෙබරවාරි 4 වෙනිදා අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහනයක් ඔහුට ලබා දී තිබෙන බවයි අධිකරණයේදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේ වෙතත් 2015 වසරේ අගෝස්තු මස පැවති මහමැතිවරණයෙන් ඔහු පරාජය වී ඇති අතර ඉන්පසුවත් අදාළ වාහනය ඔහු ආපසු භාර දී නැහැ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවයි.

………………………………………………………..

දෙමළ සන්ධානයේ හිටපු සිංහල මන්ත්‍රී අත්අඩංගුවට

Jul 29, 2016 @ 12:56

දෙමළ සන්ධානයේ, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පි.එච්.පී පියසේන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව මතයි.

Image