Saturday, September 21, 2024

General line - 0115112241

නොදුටු සහතිකය ගන්න බොරු කියන අයට අවුරුදු 05ක් වෙන වැඩේ




අතුරුදන්වූවන් පිළිබඳ වැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ අතුරුදන්වූවන් සඳහා නොදුටු සහතික නිකුත් කිරීම මේ වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

අතුරුදන්වූවන් පිළිබඳ සිදුකෙරෙන වැඩපිළිවෙළහි වත්මන් ප‍්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළා. වැරදි තොරතුරු සැපයුවහොත් බරපතල වැඩ සහිතව වසර 05ක සිර දඬුවමක් හිමිවනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.