Saturday, September 21, 2024

General line - 0115112241

පොළොන්නරුවේ ‘නිල මෙහෙවර‘ සාර්ථකයි – ඇමති වජිර




පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක වූ නිල මෙහෙවර 2016 ජංගම සේවාව සාර්ථක වූ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එහි සමාප්ති උත්සවය හෙට (30) පැවැත්වෙන්නේ පොළාන්නරුව රාජකීය විද්‍යාලයේදීයි. හෙට දිනයේද සේවා රැසක් ජනතාව වෙනුවෙන් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මෙන්ම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු සේවා රැසක් එ් අතරට අයත්. නිල මෙහෙවර 2016 සමාප්ති උත්සවය හෙට පැවැත්වෙන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්.

නිල මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

01 02 03 04 06 07