Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවට 268ක ඉලක්කයක්




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 268ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකා දෙවන ඉනිම අද (29) පස්වරුවේ ලකුණු 353කට සීමා වීමත් සමගයි.

ශ‍්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 176ක් රැස්කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 42යි. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් ලකුණු 84කට කඩුලු 4ක් බිඳහෙලුවා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව ලකුණු 117ක් රැස්කළ අතර, ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 203ක්.

ලකුණු 268ක ඉලක්කයක් හඹායන ඕස්ටේ‍්‍රලියාව මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් රැස්කරගෙන සිටියා.

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදීයි.

13866741_1149947055080392_774497322_n