Thursday, September 19, 2024

General line - 0115112241

මහබැංකු අධිපති ධුරයට විදේශිකයෙක්!




විදේශිකයෙකු හෝ මහබැංකු අධිපති ධුරයේ කටයුතු නිසි පරිදි ඉටුකරන්නේ නම් එහි ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා. ඒ, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

මේ අතර මහබැංකුව සඳහා අධිපතිවරයෙකු පත් නොකිරීමෙන් රට බරපතළ මූල්‍ය අර්බුදයකට තල්ලු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මේ අතර ශ‍්‍රී ලංකා මහබැංකුවට නව අධිපතිවරයෙකු පත්කිරීම මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබීමෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) නිවේදනය කළා.

මහබැංකු අධිපතිවරයා පත්කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වනවා. දැනට විදේශගතව සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දිවයිනට පැමිණීමෙන් පසු ඔහුගේ නිර්දේශය අනුව මහබැංකු අධිපතිවරයා පත්කෙරෙනු ඇති.