Saturday, September 21, 2024

General line - 0115112241

උසස් පෙළ සිසුන්ට අනතුරු ඇඟවීමක්




මෙවර උසස් පෙළ විභාගයේදී ස්මාර්ට් ඔරලෝසු භාවිතයෙන් විභාග වංචා සිදුකිරීමට ඇතැම් අයදුම්කරුවන් සූදානම් වන බවට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

බ්ලූටූත්, කැමරා, ශබ්ද පටිගත කිරීම්, දුරකථන සහ කෙටි පණිවුඩ වැනි පහසුකම් ස්මාර්ට් ඔරලෝසුවල ඇතුළත්.

මේ අනුව අයදුම්කරුවන් විසින් පැලඳගෙන පැමිණෙන ඔරලෝසු පිළිබඳ ශාලාධිපතිවරුන් දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

කිසියම් අයදුම්කරුවෙකු ස්මාර්ට් ඔරලෝසුවක් පැලඳගෙන පැමිණියහොත් ඒවා සිය භාරයට ගන්නා ලෙස ද විභාග දෙපාර්තමේන්තුව ශාලාධිපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

විභාග ශාලාව තුළට ජංගම දුරකථන රැගෙන යාම ද තහනම්. ඒ පිළිබඳව ද ශාලාධිපතිවරුන් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

විභාග ශාලාව තුළට ජංගම දුරකථන , ස්මාර්ට් ඔරලෝසු හෝ එවැනි වෙනත් උපකරණ රැගෙන යාම විභාග අයදුම්කරුවෙකුට වසර 5ක විභාග තහනමක් පැනවිය හැකි වරදක් වනවා.