Friday, September 20, 2024

General line - 0115112241

මහබැංකු අධිපති ගැන නීතිඥ සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්




මහබැංකු අධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ද ජනාධිපතිවරයාගෙන් අද (01) ඉල්ලීමක් කළා.

එහි සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දේශපාලන පක්ෂපාතීත්වයක් ඇති පුද්ගලයෙකු මහබැංකු අධිපති ධුරයට පත්නොකරන ලෙසයි.

නීතියෙන් පනවා ඇති නිර්ණායක අනුව එම පත්කිරීම සිදුකරන්නැයි ද ජෙෆ්රි අලගරත්නම් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.