Saturday, September 21, 2024

General line - 0115112241

ඕමන්තේ දෙපිරිසක් අතර කුල ගැටළුවක් දුරදිග යයි (PHOTOS)

මාධව කුලසූරිය




ඕමන්තේ සින්නපුදකුලම ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ කුල ගැටළුවක් මුල් කර ගනිමින් එම ගැටුම හට ගෙන ඇති බවයි.

ගැටුම අතරතුර යතුරු පැදි 02කට හානි කර ඇති අතර එක් යතුරු පැදියක් ගිනි තබා විනාශ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.