Thursday, May 2, 2024

General line - 0115112241

විදූෂා පළමු පදක්කම දිනා දෙයි




මෙවර ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කම මීගමුවේ විදූෂා ලක්ෂානිගෙන් හිමිව තිබෙනවා.

දෝහා කටාර් හි පැවැත්වෙන 23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් එම පදක්කම හිමි වුණා.

පසුගිය 21 වැනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයන්ගෙන් විදූෂාගේ ගුරුවරුන් සහ මිතුරන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පදක්කම ලබාගනිමින් අනතුරුව විදූෂා ලක්ෂානි ඔවුන් සිහිපත් කරමින් සංවේදීව අදහස් පළ කළා. එහිදී ඇය පෙන්වා දුන්නේ එම ප්‍රහාරයන්ගෙන් ලෝකය හරි හැටි නොදැකපු පුංචි දරුවන් පවා මරණයට පත් වූ බවයි. එම සිද්ධිය තමාව මහත් කම්පනයකට පත් කළ බවද ඇය සඳහන් කළා.