Tuesday, April 30, 2024

General line - 0115112241

මධ්‍යම පළාතේ පාසල්වල ආරක්ෂාවට විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවා ගැනීමේ තීරණයක්

ජේ.ඒ.එල් ජයසිංහ




මධ්‍යම පළාතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවා ගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ඊට අදාලව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ සඳහා පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සේවයට යොදවා ගන්නා විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන්ට දෛනිකව ගෙවීම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මෑතකදී බඳවාගත් ක්‍රීඩා නිලධාරීන් ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස යොදවා ගන්නා ලෙසටයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.