Saturday, September 21, 2024

General line - 0115112241

ජන සටන පාද යාත‍්‍රාව නිට්ටඹුවට (VIDEO)




ආණ්ඩුවට එරෙහි ජන සටන පාද යාත‍්‍රාව අද (30) නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව නගරය දක්වා පැමිණියා.

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන සටන පාද යාත‍්‍රාවේ තුන්වන දිනය අදයි. අද පස්වරු 1.00ට පමණ ඔවුන් වරකාපොළ නගරයට ළගා වුණා.

වරකාපොල නගරයේදී හිටපු අමාත්‍ය දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට ඔවුන් පුෂ්පෝහාර දැක්වීමද සිදුකෙරුණා.

කජුගම ප්‍රදේශයේදී පාගමනින් පැමිණි මන්ත්‍රීවරුන්ට ප්‍රදේශවාසීන් පිරිසක් කජු මාලා දමමින් පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පාගමන දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන් සහ රත්නපුරෙන් පැමිණි පිරිස් වරකාපොළ නගරය දෙපස රැදී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

හෙට (31) නිට්ටඹුව සිට කිරිබත්ගොඩ දක්වා ඔවුන් පැමිණිමට නියමිතයි.

පාද යාත්‍රාව අතර තුර අඹේපුස්ස ශ්‍රී මහා මුත්තුමාරී අම්මන් කෝවිලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආශිර්වාද ලබා ගත්තා.

පාද යාත‍්‍රාවේ අවසන් දිනය වන අගෝස්තු පළමු වනදා මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග ලැබී තිබුණද එය පා ගමනට බාධාවක් නොවන බවයි ජන සටන පාද යාත්‍රාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පැවසුවේ.

ජන සටන පාද යාත්‍රාවේ වීඩීයෝව සහ ඡායාරූප පහතින් දැක්වේ


13669219_1100817689979968_29749539127780995_n13754463_1100817699979967_9102837626764711336_n 13782102_1100817696646634_6540284056586088972_n13876697_1100818113313259_6183206557519696042_n

13876645_1779869145633134_6615983399778672946_n 13903274_1779869148966467_7725429499880573841_n 13903276_1779869142299801_4468557929021765641_n

13680594_1779863212300394_4184566172461728972_n 13895035_1779863215633727_6644651445231482325_n

13669675_1779840422302673_338320638025756244_n 13886433_1779840365636012_2954694141176853484_n 13901427_1779840362302679_4410881606714563360_n

13680738_1101006399961097_821802780420795438_n

13680596_1100859766642427_7543595334431303332_n 13887052_1100859793309091_287756518758794173_n 13902765_1100859773309093_7881041310124617277_n