චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශනය සදහා සය පුද්ගල විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා.
ඒ, විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායකගේ මූලිකත්වයෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා විසින් මෙම විමර්ශන මණ්ඩලය පත්කර තිබෙනවා.
ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ ඞී පී රත්නසිරි, ප‍්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ, විශ‍්‍රාමික ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්‍ෂ්මන් සේනානායකද මෙම සය පුද්ගල විමර්ශන මණ්ඩලයට ඇතුළත්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ බී එල් ඒ බස්නායක සහ විමර්ශන නිලධාරී එස් අයි ගුණවර්ධනද මෙම විමර්ශන මණ්ඩලයට ඇතුළත්ව සිටිනවා.
මෙම විමර්ශන මණ්ඩලය විසින් සකස් කරන මූලික වාර්තාව මසක් ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත ලබාදිය යුතුයි. සිදු කෙරෙන විමර්ශනවලදී අදාළ වෛද්‍යවරයා වැරදිකරු වුවහොත් තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා පැවසුවේ.
චෝදනාවට ලක්ව සිටින වෛද්‍යවරයා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවටද දැනුම්දී තිබෙනවා.