Saturday, September 21, 2024

General line - 0115112241

ලෝක කුසලානයට සියල්ල සුදානම්

ඩිල්ෂාන් මඩවල




ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, සත්කාරක එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතරයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03ට මෙම තරගය ආරම්භ වනවා. 

මේ අතර මෙම තරගාවලියේ සමාරම්භක උත්සවයේ අංගයක් ලෙස ඊයේ පැවති තත්පර 60 ක‍්‍රිකට් තරගාවලිය මේ වනවිට ලොව පුරා බොහෝ ක‍්‍රිකට් ලෝලීන්ගේ කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා. මෙම තරගය සඳහා සහභාගී වන කණ්ඩායමක් ක‍්‍රීඩකයන් හෝ ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන් පන්දුවට පහරදීම පමණක් සිදු කරන අතර පන්දු යැවීම සිදු කරන්නේ සම්මත පිරිසක් විසින්. තත්පර 60දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා කණ්ඩායම තරගය ජය ගන්නවා. 

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වූයේ මහේල ජයවර්ධන සහ දමයන්ති දර්ශායි. ඔවුන් දෙදෙනා නියමිත තත්පර 60දී ලකුණු 43ක් ලබා ගත්තා. පකිස්තානය නියෝජනය කරමින් තරග වැදුනේ හිටපු ක‍්‍රීඩකයෙකු වන අසාර් අලි සහ නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි යන අයයි. ඔවුන් ලකුණු 38ක් ලබා ගත්තා. 

ඉන්දීය කණ්ඩායම නියෝජනය කළේ එරට හිටපු ක‍්‍රිකට් නායකයෙකු වන අනිල් කුම්බ්ලේ සහ රංගන ශිල්පි ෆර්හාන් අක්තාර් යන දෙදෙනායි. එහෙත් ඔවුන්ගේ ඉණිම ලකුණු 19කට සීමා වූ අතර මෙම තරගාවලියේදී කණ්ඩායමක් රැුස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද එය වුණා.

තරගාවලිය ජය ගත්තේ නියමිත තත්පර 60දී ලකුණු 74ක් ලබාගත එංගලන්ත කණ්ඩායමයි. ඕස්ටේ‍්‍රලියාව ලකුණු 69ක් ලබා ගනිමින් ඔවුන්ට හො`ද තරගයක් ලබාදුන්නා. සියලූ තරග පැවැත්වුණේ ලන්ඩන් නුවර බකින්හැම් මාලිගය ඉදිරිපිට මාර්ගයේයි.