Thursday, May 9, 2024

General line - 0115112241

බෝම්බකරුවන්ට ඇමතුම් ලබා දුන් දුරකතන අංක 1,800ක් ගැන විමර්ශන

සජිත් තිලකරත්න/කසුන් කැළුම්




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දුරකතන අංක හා ඔවුන් ඇමතුම් ලබා ගත් දුරකතන අංක 1,800කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණයක් ආරම්භ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව ප‍්‍රකාශ කළා. 

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේවනවිට කාන්තාවන් 07ක් ඇතුළු සැකකරුවන් 66දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා. කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 21දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. 

මේ අතර පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අද පැතිර ගිය රාවයන් පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අද මෙලෙස අදහස් පළ කළා.