Thursday, May 9, 2024

General line - 0115112241

සුළු පරිමාණ සංචාරක ව්‍යපාරිකයින්ට පොලී රහිත ණය යෝජනා ක‍්‍රමයක්

සමන්ත කුමාර/කසුන් කැළුම්




සුළු පරිමාණ සංචාරක ව්‍යපාරිකයින්ට ලබන ජූනි මස 10වනදා සිට රුපියල් ලක්ෂ 05ක උපරිමයකට යටත්ව ‘‘සංචාරක පොඩ්ඩෝ’’ නමින් පොලී රහිත ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද ප‍්‍රකාශ කළා.

ඒ, මුදල් අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

පෞද්ගලික බස් හිමියන්, සංගීත කණ්ඩායම්වලට මෙන්ම තොරණ නිර්මාණකරුවන්ට ද සහන සැලසීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙහිදී අදහස් පළ කළා.