Thursday, May 9, 2024

General line - 0115112241

මහබැංකුව පොලී අනුපාත පහත හෙළයි

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය ප‍්‍රතිපත්ති පොලී අනුපාත පහත හෙළා තිබෙනවා. 

ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50කින් පහත හෙළීමට ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා ප‍්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.5ක් දක්වාද, ණය ලබා ගැනීමේ පහසුකම් සඳහා ප‍්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 8. 5ක් දක්වා ද අඩුවනු ඇති. මීට සමගාමීව වාණිජ බැංකුවල පොලී අනුපාතද පහත හෙලනු ඇතැයි අපේක්ෂිතයි. 

මේ අතර ශ‍්‍රී ලංකාව සතුව අමෙරිකානු ඩොලර් බිලියන 7. 6ක නිල සංචිත පවතින බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියා සිටියා. මාස 4කට වැඩි කාලයකට ආනයන සඳහා මෙම සංචිත ප‍්‍රමාණවත් බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර පහසුකම ලබන වසරේ ජූනි මාසය දක්වා දීර්ඝ කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 161.1 ක ඔවුන්ගේ 06වන වාරිකය මුදා හැරීම ද මේවනවිට අනුමත කර තිබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.