Thursday, May 9, 2024

General line - 0115112241

ප්‍රවේශමෙන් - ඩෙංගු අවදානම නැවතත්

සජිත් තිලකරත්න




කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, රත්නපුර හා මහනුවර යන දිස්ති‍්‍රක්කවල මෙලෙද ඩෙංගු රෝගීන් වැඩි වී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම අවධානම් දිස්ති‍්‍රක්කවල ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප‍්‍රවණතාවක් ද පවතින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

වංසගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිස්ති‍්‍රක් සෞඛ්‍ය ප‍්‍රධානීන් සමග ඒකාබද්ධව ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත‍්‍ර වැඩසටහන් සිදු කරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් පවසන්නේ. ප‍්‍රජාව දැනුවත් කිරීම ද අඛණ්ඩව සිදු කෙරෙනවා. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් මහජනතාව ද ඊට සහය දිය යුතු බවයි අවධාරණය කෙරුණේ.

මේ, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර.

ඩෙංගු මදුරුවා පෙරවරු 06 සිට 11 දක්වාත්, පස්වරු 03සිට රාතී‍්‍ර 07 දක්වාත් සාමාන්‍යයෙන් සකී‍්‍රය වන බවද මෙහිදී සිහිපත් කෙරුණා. ඒ නිසා එම කාලය තුළ මදුරු දෂ්ටනයනේ ආරක්ෂාක වීමට ද විශේෂයෙන් සැලකිලිමත්වන ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය උපදෙස් දෙන්නේ.