Thursday, May 9, 2024

General line - 0115112241

මොහොමඩ් සාෆිට එරෙහිව අද පැමිණිලි 50 ඉක්මවයි - වින්දිතයන්ට නීතිඥ කණ්ඩායමකින් නොමිලේ නීති සහය

සජිත් තිලකරත්න




සිසේරියන් සැත්කම් අතරතුර කාන්තාවන් වන්ද්‍යකරණය කළ බවට චෝදනාවට ලක්ව සිටින ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කාන්තාවන් 50කට වැඩි පිරිසක් අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. ඊයේ දිනය වනවිට එවැනි පැමිණිලි 301ක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලැබී තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පැමිණිලිකාර මවුවරුන්ට නොමිලේ නීති සහය ලබා දීම සඳහා කොළඹ සිට නීතීඥවරුන් කණ්ඩායමක්ද කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටිනවා. පැමිණිලිකාර මවුවරුන්ට නොමිලේ නීති සහය ලබා දීම සඳහා තවත් ප‍්‍රදේශවලින් ද නීතීඥවරුන් තමන් සමග එක්වීමට නියමිත බවයි ඔවුන් පැවසුවේ. 

ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලට සහ පොලීසියට ද පැමිණිලි ලැබී තිබෙනවා. පැමිණිලිකාර සියලූ කාන්තාවන් කියා සිටියේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් සිදු කෙරුණු සිසේරියන් සැත්කම්වලින් පසු තමන්ට තවත් දරුවෙකු පිළිසිඳ නොගත් බවයි.