Thursday, May 9, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

පවිත්‍රා මදුහර්ෂනි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. එහිදී නායකයින් දෙපළ අතර දෙරටටම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) ඉන්දියාව බලා පිටත්ව ගියා. මේ අතර නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 08වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.