Thursday, May 9, 2024

General line - 0115112241

මාස 3 කට පසු ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද පකිස්තානයට

ටී කේ ජී කපිල




මාස 03කට පසු ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පකිස්තානයේ කරච්චි නුවර බලා අද (01) දහවල් පිටත්ව ගියා. පකිස්තානය සහ ඉන්දියාව අතර ඇතිවූ යුදමය වාතාවරණය නිසා ඉකුත් පෙබරවාරි මස 27වනදා සිට ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක වූයේ නැහැ.

ඒ අනුව අද දහවල් 12.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඒ 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක්, මගීන් 166 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 08දෙනෙකු සමග පකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.