Thursday, May 9, 2024

General line - 0115112241

කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය සෝනියා ගාන්ධිට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය සෝනියා ගාන්ධිට හිමිව තිබෙනවා. ඒ, කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (01) නවදිල්ලි නුවරදී රැස්වූ අවස්ථාවේදී එළඹි තීරණයකට අනුවයි. ඉකුත් දා පැවැති මහමැතිවරණය හමුවේ කොංග්‍රස් පක්ෂය ලද පරාජය හේතුවෙන් එම පක්ෂයේ සභාපතිධූරය දැරූ රාහුල් ගාන්ධි සිය ධූරයෙන් ඉවත් වුණා.

අනතුරුවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය මෙලෙස සෝනියා ගාන්ධි හට හිමිවුණේ. කෙසේවෙතත් පක්ෂය කෙරෙහි  තවදුරටත් විශ්වාසය තබා සිය ඡන්ද ප්‍රකාශ කළ සියලු කොංග්‍රස් පාක්ෂිකයින් වෙනුවෙන් ස්තූතිය පළ කරන බවයි සෝනියා ගාන්ධි මෙහිදී පැවසුවේ.