Saturday, September 21, 2024

General line - 0115112241

චන්ද්‍රිකා හොරගොල්ල සමාධියට ආරක්ෂාව ඉල්ලයි




ජන සටන පාද යාත‍්‍රාව හෙට (31) හොරගොල්ල ප‍්‍රදේශයෙන් ගමන් කිරීමට නියමිතයි.

එම අවස්ථාවේදී බණ්ඩාරනායක සමාධිය පිහිටා ඇති පරිශ‍්‍රයට ආරක්‍ෂාව සපයන ලෙස පොලිස්පතිවරයාගෙන් තමන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවා.

හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කිරීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ සංවිධායකයන් දෙදෙනකු මීට ඉහතදීත් ඊට හානි කිරීමේ උත්සාහයක නිරත වී ඇති බැවින් තමා පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම සිදු කළ බවයි හිටපු ජනාධිපතිනිය පවසන්නේ.