Thursday, May 9, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ අවසන් තරගය අද

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඞ්ස්හිදී අද පැවැත්වෙනවා. ඒ, ප‍්‍රබල ඉන්දීය කණ්ඩායම සමගයි. ලීඞ්ස්හි තණතීරුව පිතිකරුවන්ට වාසිදායක වනු ඇති බවටයි වාර්තා පල වන්නේ. 

ඒ අනුව පිතිකරුවන් 06දෙනෙකු සමග ශ‍්‍රී ලංකා පිල මෙම තරගයට සහභාගී වනු ඇති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග අනාවරණ කළේ.  

මේ අතර බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගයෙන් ලකුණු 94ක ජයක් අත් කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්වුණා. කෙසේවෙතත් එම ජයග‍්‍රහණය පකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප‍්‍රමාණවත් වූයේ නැහැ. කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළා. ඉමාම් උල්හක් ලකුණු 100යි. බාබර් අසාම් ලකුණු 96ක් රැස් කළා. පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහමන් ලකුණු 75කට කඩුළු 05ක් දවා ගත්තා. 

පිළීතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 44 යි එක් පන්දුවකදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි. 

ශකීබ් අල් හසන් ලකුණු 64ක් රැස් කළා. පන්දු යැවීමේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ යොවුන් කී‍්‍රඩක ශහීන් ෂා අෆ්රිඞී ලකුණු 35කට කඩුළු 06ක් බිඳ හෙලූවා. අවුරුදු 19 යි දින 91ක් වයසැති ශහීන් ෂා අෆ්රිඞීගේ මෙම දස්කම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වාර්තා වූ හොඳම පන්දු යැවීම ද වනවා. 

එමෙන්ම ලෝක කුසලාන තරග ඉතිහාසයේ පකිස්තාන පන්දු යවන්නෙකු කඩුළු 06ක් දවා ගත් පළමු අවස්ථාවද මෙයයි. ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ කඩුළු 05කට වැඩියෙන් ලබා ගත් ලාබාලතම කී‍්‍රඩකයා ලෙසට ද ඔහු වාර්තා අතරට එක්වුණා. මෙම තරගයේ ප‍්‍රතිපලයත් සමග ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.