Saturday, April 27, 2024

General line - 0115112241

ලෝක දැල්පන්දු තරගාවලිය : උතුරු අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලබයි

කසුන් කැලුම්




ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වු දෙවැනි තරගයද අද පරාජයට පත්වුණා. ඒ උතුරු අයර්ලන්ත ක්‍රිඩිකාවන් හමුවේ ලකුණූ 67ට 50ක් ලෙසයි. දෙපිළම මෙම තරගයේදී ආක්‍රමණශීලී තරග රටාවක් පෙන්නුම් කිරීම කැපී පෙණූනා.

පළමු කාර්තුව උතුරු අයර්ලන්ත ක්‍රිඩිකාවන් ජය ගත්තේ ලකුණූ 18ට 13ක් ලෙසයි. දෙවන කාර්තුව ලකුණු 16ට 12ක් ලෙසත්, තුන්වන කාර්තුව ලකුණු 17ට 12ක් ලෙසත් ජය ගැනීමට උතුරු අයර්ලන්ත ක්‍රීඩිකාවන් සමත් වුණා.

සිව්වන කාර්තුවේදී වරෙක ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් ඉදිරයෙන් පසු වූවත් අවසන් මොහොතේදි් ලකුණූ 16ට 13ක් ලෙස උතුරු අයර්ලන්ත ක්‍රිඩිකාවන් එම කාර්තුවද ජය ගත්තා. මෙවර දැල්පන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලිවර්පූල් හිදීයි.

......................................

ශ්‍රි ලංකා - උතුරු අයර්ලන්ත දැල්පන්දු ලෝක කුසලාන තරගය ඇරඹෙයි

(13-07-2019 15:30)

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය දැන් පැවැත්වෙනවා. ඒ, උතුරු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. මේ වනවිට තරගයේ ඉදිරියෙන් පසු වන්නේ උතුරු අයර්ලන්ත කණ්ඩායමයි.

ඔවුන් පළමු කාර්තුව ලකුණු 18 ට 13 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. දෙවන කාර්තුව අයර්ලන්ත ක්‍රීඩිකාවන් ජයගත්තේ ලකුණු 16 ට 12 ක් ලෙසයි. මේ වනවිට තරගයේ 3 වන කාර්තුව ආරම්භ වී තිබෙනවා. දැල් පන්දු ලෝක කුසලාන තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ එංගලන්තයේ ලිවර්පූල්හිදීයි.