Thursday, May 2, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ පෙරමුණ ජපුරට

ටී කේ මහින්ද




13 වැනි විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල පසුගිය දිනවල මාතර රුහුණු විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් මේ දිනවල පැවැත්වෙයි. ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය නිමාවට පත්වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ලකුණු 160 ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවෙයි. ලකුණු 155 ක් ලබා කොළඹ විශ්ව විද්‍යාලය දෙවන ස්ථායට පත්ව ඇති අතර තෙවන ස්ථානය ලබා ඇත්තේ ලකුණු 122 ක්  ලබා සිටින කැළණිය විශ්ව විද්‍යාලය යි.

එල්ලේ පිරිමි තරඟ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් විය. එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හා සබරගමු විශ්ව විද්‍යාල කණ්ඩායම අවසන් මහා තරඟය සදහා තරඟ වැඳුනු අතර මුලින්ම පන්දුවට පහරදුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ලකුණු 4 ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සබරගමු විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 3 ක් පමණි .මේ අනුව ශුරතාවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට හිමි විය.මෙහිදී තෙවන ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලය දිනා ගත්තේය.

එල්ලේ කාන්තා තරඟාවලියේ  අවසන් තරඟයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කැළණිය විශ්ව විද්‍යාලය ලකුණු 9 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රුහුණු විශ්ව විද්‍යාලයට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි.ඒ අනුව ශුරතාවය කැළණිය විශ්ව විද්‍යාලය දිනා ගනිද්දී අනුශුරතාවය රුහුණු විශ්ව විද්‍යාලයට හිමි විය. යාපනය දිස්ත්‍රික්කය මෙහිදී තෙවන ස්ථානයට පත් විය.

විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ පාපන්දු තරඟ කොග්ගල ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූ අතර අවසන් තරඟයේ දී මොරටුව විශ්ව විද්‍යාලය පරාජයට පත්කරමින් යාපනය විශ්ව විද්‍යාලය ශුරතාවය දිනා ගත්තේය. යාපනය විශ්ව විද්‍යාලය ලකුණු 4 ක් ලබා ගත් අතර තියුණු තරඟයක් ලබා දුන් මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 03 ක් ලබා ගත්තේය.මෙහි තෙවන ස්ථානය සබරගමු විශ්ව විද්‍යාලයට හිමි විය.

බැඩ්මින්ටන් තරඟ මාතර රුහුණු විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් විය. අවසන් තරඟයේ දී මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජයට පත් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ශුරතාවය දිනා ගත්තේය.අවසන් තරඟයේ ලකුණු තත්වය වූයේ වට 3 -2 ලෙස නිමාවට පත් විය.රජරට විශ්ව විද්‍යාලය මෙහි තෙවන ස්ථානයට පත් විය.

ටයිකොන්‍‍ඩෝ තරඟ ඉකුත් දා රුහුණු විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී අවසන් වූ අතර එහි සමස්ථ ශුරතාවය මොරටුව විශ්ව විද්‍යාලය දිනා ගත් අතර අතර අනුශුරතාවය දිනා ගත්තේ ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලය යි. තෙවන ස්ථානය කැළණිය විශ්ව විද්‍යාලයට හිමි විය.