Wednesday, February 19, 2025

General line - 0115112241

දුම්රිය වර්ජනය තවදුරටත්

තරංග රුක්ෂාන් ජයසේකර



වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. අද වර්ජනය ක්‍රියාත්මක වුනේ සිව්වන දිනටයි. මේ, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ.

දුම්රිය හා තැපැල් ඇතුළු සේවාවල වැටුප් විෂමතාද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය ඉකුත්දා ප්‍රකාශ කළා. කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් ලැබෙන තුරු මෙම වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි. 

මේ අතර රට පුරා සිදු කෙරෙන වර්ජන සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට පත් කළ කැබිනට් අනු කමිටුවද හෙට දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා.