Saturday, September 21, 2024

General line - 0115112241

ජන සටන ආණ්ඩුවට එරෙහි වෙඩි මුරයක් – හිටපු ජනපති




ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන විරෝධතා පා ගමන ආණ්ඩුවට එරෙහිව වෙඩිමුරයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කිරිබත්ගොඩ නගරයෙන් අද (01) පෙරවරුවේ පා ගමන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙය ඓතිහාසික පා ගමනක් වන බවයි.

පා ගමන සාර්ථක කරගැනීමට සහාය ලබාදුන් සැමට තමන් ස්තූති කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා.

ජන සටන විරෝධතා පා ගමන මේ වන විට කොළඹ නගරය බලා පැමිණෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් අවසන් රැළිය පවත්වන ස්ථානය මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර නැහැ. බොහෝ දුරට එය කොළඹ ලිප්ටන් වටරවුම ආශ‍්‍රිත ප‍්‍රදේශයක පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ අවසන් රැළිය පැවැත්වෙන ස්ථානය ඉදිරි පැය 2ක ඇතුළත ප‍්‍රකාශයට පත්කරන බවයි.

(ජන සටන විරෝධතා පා ගමනේ වීඩීයෝ දර්ශණ පහතින් දැක්වේ)

jana satana (1) jana satana (2) jana satana (3) jana satana (4) jana satana (5)

jana satana new (2) jana satana new (3) jana satana new (4) jana satana new (5) jana satana new (1)