Friday, February 14, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට අදත් සිව්දෙනෙක් ඇප බඳියි  

දිනුක් හේවාවිතාරණ




ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (30) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබූ මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් වන බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ.

අද දිනයේදී නව සිහල උරුමය පක්ෂය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත, සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිරිවර්ධන සහ නව සම සමාජ පක්ෂය වෙනුවෙන් බැද්දෙගමගේ නන්දමිත්‍ර යන අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධින අපේක්ෂකයින් 04 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.