රුපියල් කෝටි දෙකකට අධික දේපළක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් ඇඹිලිපිටියේ පිහිටි තමන්ට අයත් දේපළක් හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරනු ලබන බවට මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව අද දිනයේදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.