හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීම ආණ්ඩුවේ දේශපාලන බලපෑම් අනුව සිදුවන්නක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (30) යළිත් චෝදනා කළා. හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මාධ්‍යට කරන ලද ප්‍රකාශයක්ද උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහචාර්ය ජී එල් පීරිස් පැවසුවේ අරලියගහ මන්දිරය හරහා මෙම බලපෑම් සිදුව ඇති බවයි.
ව්‍යාජ කරුණු මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීම සඳහා ආණ්ඩුවේ නියොජිතයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන්ටද බලපෑම් කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. එලෙස බලපෑම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක්ද බවයි මහචාර්ය ජී එල් පීරිස් පෙන්වා දුන්නේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීම සඳහා බලපෑම් කළ තැනැත්තන්ට සාප කරමින් පොල් ගැසීමක්ද සිදු කරන බව මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කෙරුණා.