ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්විමක් අද (30) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි. සාමාන්‍යයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්විම අගහරුවාදා දිනවල පැවැත්වෙනවා. ඒ අනුව අද කැදවා තිබෙන්නේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ද අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන හෝ පාර්ශවයකට සහය දක්වනවාද, නැතහොත් පක්ෂයක් ලෙස තනිව තරග වදිනවාදැයි මෙහිදී තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.