Sunday, April 28, 2024

General line - 0115112241

පුරවැසිභාවය ගැන ගෝඨාභය ගෙන් පැහැදිලි කිරීමක්

හේමන්ත කහවලගේ / ඩිල්ෂාන් මඩවල




සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (30) පැහැදිලි කිරීමක් කළා.

" මම මේ රටේ ඉපදිලා, මේ රටේ ජිවත් වෙලා වසර 20 ක් යුධ හමුදාවේ සේවය කරලා තාවකාලිකව පදිංචියට අමෙරිකාවට ගියා. 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා මගෙන් ඉල්ලීමක් කළා රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙසට කටයුතු කිරීමට එක්වන්න කියලා. ඒ අනුව මම ලංකාවට ආවා. ඇවිත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අවශ්‍ය ඉල්ලුම්පත්‍රය යොමු කළා. ඒ වෙනුවෙන් ගෙවීමට අවශ්‍යව තිබු මුදල් පවා මම ගෙව්වා. ඒ අනුව විෂය භාර අමාත්‍යවරයා ලෙසට මහින්ද රාජපක්ෂ මහතා මට ද්විත්ව පුරවැසිභාවය ලබා දුන්නා" යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.

ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන්නේද ද්විත්ව පුරවැසි සහතිකය යටතේ බවයි ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ. කෙසේ වෙතත් මේ වන විට සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතැයි ගෝඨාභය රාජපක්ෂ පැවසුවා. 

තමන් වෙත නිකුත් කර තිබූ ද්විත්ව පුරවැසි සහතිකය ව්‍යාජ එකක් බවට ඉදිරිපත්වන අදහස් විසිළු සහගත බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. තමන් ආරක්ෂක ලෙකම් ධුරය භාර ගැනීමට පෙර මෙම ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගත් බවයි ඔහු පැවසුවේ.

තමන් දැන් භාවිත කරන විදේශ ගමන් බලත්‍රයත් , ජාතික හැදුනුම්පතත් වත්මන් ආණ්ඩුව යටතේ නිකුත් කළ ඒවා බවද ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියා සිටියා.