Sunday, April 28, 2024

General line - 0115112241

ගෝඨාභය තෝරා ගත්තේ සියලු කරුණු සම්පුර්ණ කර සිටි නිසයි : විපක්ෂ නායක

ඩිල්ෂාන් මඩවල




ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තෝරා ගත්තේ ඔහුගේ සුදුසුකම් පිළිබඳ පූර්ණ සහිතකයක් සහිතව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එසේ තිබියදී ඇතැම් පිරිස් ඔහුගේ සුදුසුකම් ප්‍රශ්න කරමින් සිටින්නේ දේශපාලනිකව ඔහුට ඇති බිය නිසා බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ.

දේශවිමුක්ති ජනතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට අද (30) සහභාගී වෙමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළා.