Friday, February 14, 2025

General line - 0115112241

නොරොච්චෝලේ එක් විදුලි ජනන යන්ත්‍රයක් දින 75කට වසා දැමේ




නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් ලබන මස මැද භාගයේදී දින 75ක් පමණ සඳහා තාවකාලිකව නවතා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. ලක්විජය ගල් අගුරු බලාගාරය මෙගා වොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර 03කින් සමන්විතයි.

ලබන මස මැද භාගයේදී දින 75ක් පමණ සඳහා තාවකාලිකව නවතා දැමෙන්නේ ඒවායෙන් පළමු ජනන යන්ත්‍රය බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවා. මීට හේතු වී ඇත්තේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක්. නඩත්තුවෙන් පසු එම ජනන යන්ත්‍රය නැවත විදුලි ජනනය සඳහා සාමාන්‍ය පරිදි එක්කෙරෙන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.