Friday, February 14, 2025

General line - 0115112241

නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව 05 වෙනිදාට කල් යයි

දිනුක් හේවාවිතාරණ




ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව ලබන ඔක්තෝම්බර් 05 වෙනිදා ගැනීමට නියමිත බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේන් රැස්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පුරා පැය තුනකට ආසන්න කාලයක් පැවති බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනිමට යෝජිත සන්ධානය සම්බන්ධයෙන් හා පක්ෂ ලකුණ සම්බන්ධයෙන් අද දිනයේදි මධ්‍යම කාරක සභාවේදි දීර්ඝ ලෙස සාකච්ජා කල බවයි වීරකුමාර දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ.

ඒ අනුව අද සාකච්ජාව අවසානයේදි ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය අවසන් තිරණය ගැනිම සදහා ඔක්තෝම්බර් 05 වෙනිදා පැවැත්වෙන ශ්‍රි ලංකා මධ්‍යම කාරක සභාවේදි තින්දුවක් ගැනිමට තිරණය කල බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.