අළුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමදී මහා පරිමාණ කෘතීම රා නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත් වී තිබෙනවා.
ඊයේ (30) උදෑසන මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ ලද තොරතුරකට අනුවයි.
එහිදී කෘතීම රා ලීටර් 44715ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සුරාබදු ඒකකය වෙත භාරදී තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 48ක් වන කළුවාමෝදර අළුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.