Friday, February 14, 2025

General line - 0115112241

ගෝඨාට එරෙහි නඩුව ගැන ඒකාබද්ධ විපක්ෂය දීර්ඝ සාකච්ඡාවක

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (30) රාත්‍රියේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී මෙම නඩුව පිළිබඳ සංවාදය ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුමයි. ශී‍්‍ර ලංකාවේ උපන් ගෝඨාභය රාජපක්ෂට ශී‍්‍ර ලංකාවේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් තිබිය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පෙන්වා දී ඇත්තේ දෝ්ෂයක් ඇත්නම් එය කාර්යය පටිපාටියේ සිදුව තිබෙන්නක් විය යුතු බවයි. එසේනම් ඒ සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ නිලධාරීන්ට එරෙහිව බවද වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ තමන් දැනටමත් මෙම නඩුව සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගෙන තිබෙන බවයි. ඒ අනුව සුදුසු පරිදි කටයුතු කරන බවද ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඊයේ (30) පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. එහිදී ඔහු කියා සිටියේ මෙම නඩුව කිසිම නීතිමය පදනමකින් තොර හුදෙක් අපහාස කිරීමේ චේතනාවෙන් පැවරූ නඩුවක් බවට හඳුනාගත් බවයි.