Friday, February 14, 2025

General line - 0115112241

ශ්‍රීලනිපයේ 'යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත' අද පොහොට්ටුවට

කසුන් කැලුම්/සජිත් තිලකරත්න




ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) රාති‍්‍රයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

මෙම රැස්වීම ඊයේ කැඳවා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදෙනවාද? නැද්ද? යන්න තීරණයක් ගැනීම සඳහායි.

ඒ අනුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව යළි ලබන 5 වැනිදා රාති‍්‍රයේ රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ පැවති එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එහි සාමාජිකයින් බොහෝ දෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි. එහෙත් ඔහු පොහොට්ටුව ලකුණින් තරග කරන්නේ නම් ඒ සඳහා සහායදීම ගැටළුවක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. 

මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේ නම් ඒ සඳහා අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පැවති එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

එම කෙටුම්පත අද දිනයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙත යොමු කිරීමටයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේ. ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ රාති‍්‍රයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැය 4 කට ආසන්න කාලයක් පැවති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.