Friday, February 14, 2025

General line - 0115112241

දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීරණයක්

සජිත් තිලකරත්න/නිශාන් ද සිල්වා




කැබිනට් අනු කමිටුවෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් අද (01) පෙරවරුවේ සියළු කාර්යාලීය දුම්රිය ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති එකඟ වූ බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

දුම්රිය වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (30) පස්වරුවේ සිය ගැටළු කැබිනට් අනුකමිටුව වෙත ඉදිරිපත් කළා. මෙහිදී දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට මෙහිදී තීන්දුවක්ද ගත් බවයි ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ.

දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් වාර්තාවක්ද සකස් කර ඇති අතර ඊට කැබිනට් අනු කමිටුවේ සියළු සාමාජිකයින්ද අත්සන් තැබූ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. අදාළ වාර්තාව අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප‍්‍රකාශ කළා.

මේ අතර වර්ජනය කි‍්‍රයාත්මක වුවද මේ වනවිට කාර්යාලීය දුම්රිය 10 ක් කොළඹ බලා ගමන් ආරම්භ කර තිබෙනවා. හලාවත, ගාල්ල සහ මාතරින් දුම්රිය දෙක බැගින් කොළඹ බලා ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ. ඊට අමතරව මහව, කුරුණෑගල, රඹුක්කන සහ  මහනුවර දුම්රිය ස්ථානවලින් එක් දුම්රිය බැගින් කොළඹ බලා ධාවනය වෙමින් ඇති බවද ඔහු කියාසිටියා.