Friday, February 14, 2025

General line - 0115112241

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

සජිත් තිලකරත්න




රටක අනාගත අභිවෘද්ධිය සහ ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැදී වැඩෙන අනාගත වැඩිහිටි ප‍්‍රජාව මත බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අදට (01) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සිය පණිවුඩය නිකුත් කරමින්.

වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතාවන්ට මනා ලෙස ගැළපෙන, අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ඵලදායී ළමා පරපුරක් බිහි කිරීම වත්මන් යුගයේ අවශ්‍යතාවය බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ළමා දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ.

මෙවර ලෝක ළමා දින ජාතික සැමරුම පැවැත්වෙන්නේ ”සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්” යන තේමාව යටතේයි. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුළු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩසටහන් රැසක් අද දිනයේ කි‍්‍රයාවට නැංවීමට නියමිතයි.

මේ අතර ලෝක ළමා දිනය ජාතික සැමරුම් උත්සවය මාතලේ එඞ්වඞ් කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මේ සඳහා ළමුන් 1,700 ක් පමණ සහභාගිවීමට නියමිතයි. අද පැවැත්වෙන ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයේදී ජාතික ළමා ප‍්‍රඥ්ඥප්තිය එළිදැක්වෙනවා.

විකල්ප රැකවරණ ප‍්‍රතිපත්තිය එළිදැක්වීම සහ මුල් ළමාවිය සංවර්ධන ප‍්‍රතිපත්තියද අද පැවැත්වෙන ලෝක ළමා දින සැමරුම් ජාතික උත්සවයේදී එළිදැක්වීමට නියමිතයි.       

මේ අතර ලෝක වැඩිහිටි දිනයද අදට යෙදී තිබෙනවා. මව්පියන් ආදරයෙන් සිටීම පවුල් සංස්ථාව මෙන්ම දරුවන්ගේ මානසිකත්වය ඉහළ දැමීමට ඉවහල් වන බවයි මානව හැකියා විශේෂ පුහුණුකරු සනත් ගමගේ පැවසුවේ.