බදුල්ල - මහියංගණය ප‍්‍රධාන මාර්ගයේ පරගස්තැන්න ප‍්‍රදේශයේ පාලමක් අසල තිබී ටී 56 ජීව උණ්ඩ 737 ක් සොයාගෙන තිබෙනවා.
එම ජීව උණ්ඩ පෙට්ටියක බහා තිබූ බවයි බදුල්ල පොලීසිය පැවසුවේ.
ලද තොරතුරක් අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක්ද කි‍්‍රයාත්මකයි.