Friday, February 14, 2025

General line - 0115112241

ගෝඨාභයට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අධිකරණ වාර්තාකරු




ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 14 දා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයට නියෝග කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම අභියාචන පෙත්සම ඔක්තෝබර් මස 11 වැනිදා විවාදයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදී.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ  කෞතුකාගාරය  නඩුව  සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට  ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව අභියාචන පෙත්සම රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව  ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයේ සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 15 දින ආරම්භ කිරීමට නියමිතයි.