Friday, February 14, 2025

General line - 0115112241

වර්ජනය අවසන් කිරීමට පෙර කරුණු සොයා බැලිය යුතු බව දුම්රිය සංගම් කියයි

සජිත් තිලකරත්න




වැටුප් විෂමතා ඇතුළු වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති කළ ඉල්ලීම් ඇතුළත් කැබිනට් පති‍්‍රකාවට අද (01) කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඒ අනුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ. 

කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ කැබිනට් මණ්ඩලය අද ගත් එම තීරණය සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

අනුමැතිය හිමි වූ කරුණු සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීමෙන් පසු දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අවසන් කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ.