අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ දැනට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළා.
කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කලේ ඔහුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙසයි.
2017 වර්ෂයේදී පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්රියකරුවෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව දැනට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර අද දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
................................................................
පුජිත ජයසුන්දර CID අත්අඩංගුවට
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරවන පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුනා.