Friday, February 14, 2025

General line - 0115112241

හේෂා විතානගේ ශරීර ඇප මත මුදා හැරේ

හේමන්ත කහවලගේ




වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද ඇප මත මුදා හැරුණා. ඒ, රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මතයි.

රුපියල් කෝටි දෙකක දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (30) අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණා. කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇති ව්‍යාපාරික ස්ථානයක් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයාට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.