ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා පනවා තිබු බද්ද රුපියල් 39 කින් පහළ දැමීමට ජිවන කමිටුව තීරණය කල බව අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කර සිටිනවා.
ලොකුළූණු මිල ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුව මග හරවා ගැනීමට මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.
ලොකුළූණු ගොවියා සුරැකීම සදහා ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා රුපියල් 40 ක බද්දක් පනවනු ලැබුවා. ඉන්දියාවේ ඇතිවී දේශගුණික තත්ත්වය මත ඔවුන් විසින් ලොකුළූණු අපනයනය කිරීම නතර කිරීම හේතුවෙන් මෙරට වෙළදපලේ ලොකුළූණු කිලෝවක මිල රු. 250-300 දක්වා ඉහළ ගියා. ඒ හේතුවෙන් පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීම සඳහා ආනයනය ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රු. 39 කින් පහත හෙළිමටයි ජිවන කමිටුව තීරණය කලේ.
බද්ද පහළ දැමීමත් සමග දැනට වෙළදපලේ පවතින ලොකුළූණු මිල රු. 50 සිට 70 දක්වා අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බවයි ජිවන කමිටුව අපේක්ෂා කරන්නේ.
ඉදිරියේදී පකිස්තානය සහ ඊජිප්තුවෙන් ලොකුළූණු ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාව හිමිවන බවයි කමිටුව සඳහන් කරන්නේ.